article-image-what-are-cut-flower-orchids

අපේ ගෙමිදුල හැඩ කරපු, ඇයගේ සුන්දරත්වයෙන් අපේ සිත් සනහාලූ ආදරණීය උඩවැඩියා මල අපේ ජීවිතය සරි කරලා දෙන්නත් සූදානම්.

උඩවැඩියා මල් වලින් අපිට ආර්ථිකව ලාබ ලබන්න පුළුවන්. විවිධ සැරසිලි සදහා මේ මල් භාවිතා කරනවා. ස්වභාවික මල් වලින් කළ සැරසිලි වලට කවුරුත් කැමතියි. මනාලියන්ගේ මල් කලඹ සැකසීමේදී , මනාලියන්ගේ යෙහෙළියන්ගේ, මල් කුමරියන්ගේ සියලු කටයුතු සදහා, මගුල් පෝරුව, මoගල ආසන (Settee back), උත්සව අවස්ථාවල මල් මාල සදහා, අවමඟුල් උත්සව වලදී, වැනි කටයුතු සදහා නැවුම් මල් භාවිතා කරනවා.

ඉතින් මේ කටයුතු සදහා අපි හොඳින් මල් පිපෙන වසරකට වැඩි කිනිති ගණනක් ලබාදෙන වැඩි දියුණු කළ උඩවැඩියා වර්ග තෝරා ගෙන වගා කරනවා.

 

දේශීය වෙළඳපොළේ මේ සදහා වැඩිපුරම භාවිතා වෙන්නෙ ඩෙන්ඩ්‍රෝබියම් (Dendrobium). සුදු, දම් සහ බයි කලර් (රෝස සහ සුදු මිශ්‍ර) තමයි ගොඩක් සැරසිලි වලට ගන්නෙ.

එමෙන්ම ෆැලනොප්සිස් සහ කැට්ලියා මල් ද විවාහ උත්සව වැනි විශේෂ අවස්ථා වලදී සැරසිලි සඳහා යොදාගනී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *