ලෝකයේ දියුණුවත් සමග අපේ අවශ්‍යතාවයන් වැඩි උනා. උපන් දිනයට, මගුල් ගෙදරට, මළ ගෙදරට, ලෙඩෙක් බලන්න යන විට, ආදරය දක්වන්නට, අමුත්තො පිළිගන්න… යනාදී විවිධ කාරනා සදහා මල් භාවිතා කළා.

සියළු මල් අතුරින් උඩවැඩියා නැවුම් මල් සදහා විශේෂ තැනක් හිමිවෙන්නෙ මෙතනදී තමයි… අවශ්‍යතා වැඩි වෙනකොට උඩවැඩියා මල් වලට වෙළෙඳ වටිනා කමක් එක් වුනේ නොසිතූ විදියට.

ඉතාමත් කුඩා ඉඩක, වවන්න පුළුවන් මල් වර්ගයක් තමා උඩවැඩියා කියන්නෙ. දේශීය මෙන්ම විදේශීය වෙළදපොළේ ඉහල ඉල්ලුමක් තියෙනවා. ආර්ථික ලාබ ලැබීමට උඩවැඩියා ක්‍රම දෙකකට වවන්න පුළුවන්.

  1. බදුන්ගත පැළ ලෙස.
  2. කැපූ මල් ලෙස.

මේ ලිපියෙන් මා අදහස් කරන්නේ කැපූ මල් ගැන කතා කරන්නයි.

ආර්ථික වශයෙන් ලාබ ලැබීමට නම් අවම වශයෙන් පැළ 500 කින් වත් වගාව ආරම්භ කළ යුතුය. එය එසේ වන්නේ අපි කිසියම් ඇනවුමක් බාර ගන්නේ නම් සති පතා නොකඩවා මල් සැපයීම කළ හැකි විය යුතුය. නමුත් ඔබ උඩවැඩියා වගාවට ආධුනික අයෙක් නම් කැපූ මල් සදහා යොමු වීමට පෙර විනෝදාංශයක් ලෙස පැළ කීපයක් වගා කොට මෙන්ම බදුන් ගත පැළ නිශ්පාදනය සදහා යොමුවී අත්දැකීම් ලබාගෙන දෙවනුව ඒ සදහා යොමු වීම වඩාත් සුදුසු බවයි මගේ වැටහීම.

දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන කැපූ මල් සදහා ප්‍රධාන වශයෙන් උඩවැඩියා වර්ග 3 ක් ශ්‍රී ලංකාවේ භාවිතා කරනවා.

  1. ඩෙන්ඩ්‍රෝබියම්
  2. ෆැලනොප්සිස්
  3. කැට්ලියා

මේ අතුරින් මුල් තැන ගන්නෙ ඩෙන්ඩ්‍රෝබියම්. ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික තත්ත්ව සලකා බලනවිට පහසුවෙන් වගා කරන්නත් පුළුවන්. ඒ වගේම මේ ශාකය ඉක්මන් වර්ධනයක් පෙන්වනවා. මේ හේතු නිසා තමයි ඩෙන්ඩ්‍රෝබියම් කැපූ මලක් ලෙස මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නෙ. මේ නිසා මීළඟ ලිපියෙන් අපි ඩෙන්ඩ්‍රෝබියම් සම්බන්ධව වැඩිපුර කතා කරමු.

වසර 17 ට වැඩි කාලයක් උඩවැඩියා වගාවේ නියැලෙමින් ලද අත්දැකීම් සමගින් භද්‍රා ගුණතිලක.

3 Comments

  1. Thank you for the valuable information about cut flowers. I would like to know about a institute that we can get idea about most demanding cut flowers in Sri Lanka. If you can please give me details about that.
    Thank you …!

    1. Please contact Royal botanical gardens , Peradeniya for your requirement.
      The best place I can recommend is this.

  2. […] ලිපි පෙළේ පළමු ලිපිය කියවූ ඔබ දැන් දන්නවා දේශීය වෙළෙඳපොළ […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *