article-image-orchid-queen-of-flowers-cover-735x400

මල් ලෝකයේ ආඩම්බරකාරිය නැතහොත් රැජිණ ලෙස විරුදාවලිය ලත් උඩවැඩියා (ඕකිඩ් ) ගැන කතා කිරීම දැනටමත් මල් වගා කරන සහ අනාගතයේදී මල් වගාවට යොමුවීමට  බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනෙකු ගේ සතුටට හේතු වනු නොඅනුමානයි.

මුදල් ඉපයීම අතින් මෙන්ම ඇසට ප්‍රිය දසුන් මවන සුන්දරත්වයෙන් යුත් මේ මල අන් කිසිම මලකට නොදෙවෙනි වන්නේ ලෝකයේ මල් හටගන්නා ශාක අතරින් ප්‍රභේද වැඩිම ප්‍රමාණයක් බිහිකර ඇති නිසා වෙන්න ඇති.

විනෝදාංශයක් වගේම ස්වයං රැකියාවක් ලෙසත් මේ වගාවට යොමු වෙන්න පුළුවන්. දේශීයව  වගේම විදේශීයවත් විශාල ඉල්ලුමක් උඩවැඩියා වලට තියෙනවා.

පොළොවට සම්බන්ධතාවක් නැති පොළොවෙන් උඩ ගස්වල වැඩෙන නිසා උඩවැඩියා යන නම ලැබී ඇති අතර අපිශාක කියාද කියනවා. ලෝකය පුරාම උඩවැඩියා මල් වර්ග 20,000ක් විතර තියෙන බවත් සොයාගෙන තියෙනවා.

අපේ නෙත් පිනවන මේ සුන්දර උඩවැඩියා මල් සදහා  මේ තරම් ඉහළ ඉල්ලුමක් සහ කැමැත්තක් පවතින්නේ මේවාගේ පවතින ආකර්ෂණීය පෙනුමත්, වර්ණවත් භාවයත්, වඩා දිගු කාලයක් පැවතීමේ හැකියාවත් නිසයි.

අපේ රටේ පවතින ස්වභාවික පරිසර තත්ත්ව යටතේ උඩවැඩියා හොදින් වැඩෙනවා. වියළි කළාපයේ මෙන්ම තෙත් කළාපයේත් මේ මල් දකින්න පුළුවන්. අපේ රටට ආවේණික වුනු ඒක දේශීය උඩවැඩියා වර්ගත් තියෙනවා.

ස්වභාවිකව වැඩෙන ගස් කොළන් සහ කැලෑ ආරක්ෂා  කර ගත්තොත් අපිට මේ උඩවැඩියා වල ලස්සන බලන්න පුළුවන්.

කාගේත් නෙත් සිත් සොරා ගන්නට තරම්  වර්ණවත් වූත් අලoකාර වූත් උඩවැඩියා තවත් විටෙක  පරිසරයම සුවඳවත් කරන්නේ අපගේ හදවත් සනසාලමින්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *