සෙවණ ගෘහයක් නැතුව උඩවැඩියා වවන්න බැරිද? බොහෝ අය මගෙන් නිතරම අහන ප්‍රශ්නයක්!

අපි ආර්ථිකව ලාබ ලබන්න හිතාගෙන උඩවැඩියා වවන්න හිතුවා කියමුකො. එහෙමනම් අපිට ගුණාත්මයෙන් ඉහල මල් සහ පැල නිශ්පාදනය කරන්න වෙනවා.

එතකොට අපිට ආලෝකය, ආර්ද්‍රතාව වැනි සාධක පාලනය කරන්න වෙනවා. මෙන්න මෙතනදි තමයි සෙවණ ගෘහයක් අවශ්‍ය වෙන්නෙ.

මේ අපි හදාගන්න සෙවණ ගෘහය විශාල ප්‍රමාණයේ වියදම් අදික එකක් වියයුතු නැහැ . අපි කවුරුත් ඉස්සෙල්ලාම මල් වවන්න පටන් ගන්නෙ ආසාවට, විනෝදයට නෙ. එතකොට අපි ගහක් යට හරි, උදේ අව්ව වැටෙන ඉස්තෝප්පුවක හරි, මැද මිදුලක් වගේ තැනක හරි වවනවානෙ.

අපි වවන බොහොමයක් උඩවැඩියා සෙවණ ප්‍රිය කරන වර්ග. ඉතින් ඔයාල විනෝදෙට මල් වවල අත්දැකීම් ටිකක් එකතු කරගෙන තමයි ආර්ථිකව වැඩි දියුණු කරන්න ඕනෑ. ඒක තමයි මම අලුත් අයට දෙන අවවාදය.

මුලින්ම මට ගන්න ලැබුනෙ උඩවැඩියා පැල 13 යි. සමහරු හිතනවා 13 නපුරු අoකයක් කියලා. ඒත් මටනම් එහෙම උනේ නැහැ. ඒවා බොරු මත.

මුලින්ම ඔයාලට පුලුවන් සෙවණ දැලක් අරගෙන තාවකාලික ගෘහයක් හදා ගන්න. ඒ සදහා S-lon බට සහ condute බට උපයෝගී කරගන්න පුලුවන්. ( s – lon බට සවි ශක්තියට හිටින්න වැලි පුරවල ගන්න)

එහෙමත් නැත්නම් වැස්සට දිරාපත් නොවන කිතුල් ලී වැනි දෙයක් යොදන්නත් පුලුවන්. මේක මගේ අත්දැකීම.

මුලින්ම මමත් උඩවැඩියා වවන්න පටන් ගත්තාම පැල ගෘහය හදා ගත්තෙ මෙහෙමයි. S – lon බට හා condute බට වලින්.

මේ වෙලාවෙ ඔයාලට පුලුවන් පැල ටික ටික එකතු කර ගනිමින් අත්දැකීම් ලබන ගමන් ඔයාලගෙ ඉදිරිය සැලසුම් කරන්න.

ඔයාල බලාපොරොත්තු වෙන්නෙ බදුන් ගත උඩවැඩියා මල් සහ පැල නිශ්පාදනයට නම් මේ තාවකාලික ගෘහයේ දීම ඒ වැඩේ කරන්න පටන් ගන්න පුලුවන්. ගෙදර ඉන්න ගමන් අහල පහල අයට මේ මල් පැල විකුනලා ආදායමක් ලබන්න පුලුවන්.

ඒ වගේම ඔයාලගෙ කැමැත්ත කැපූ මල් (cut flowers) නිශ්පාදනය ට නම් ඒ සදහා යොමු වෙන්නත් පුලුවන්.

මේ අතරෙදි ඔයාලට පුලුවන් ස්ථීර සෙවණ ගෘහයක් හදනවාද කියා තීරණය කරන්න.

උඩවැඩියා සඳහා සෙවණ ගෘහයක් සෑදීමේදී සැලකිලිමත් වියයුතු කරුනු දැනගැනීම සඳහා පහත ලිපිය ලියවන්න:
උඩවැඩියා සඳහා සෙවණ ගෘහය සෑදීම

Similar Posts

2 Comments

  1. Mama harina asai orchid wawanna. E sandaha Mata upades denna puluwanda?

    1. http://www.subaimaorchids.com link ekata gihin lipi kiyawanna. Plants gannawaa nm http://www.facebook.com/subaimaorchids mee mage fb page eka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *